Home » ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකරගේ අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකරගේ අවසන් කටයුතු අද

by mahesh
December 27, 2024 1:00 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති හා ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

පෙරේදා (25) අභාවප්‍රාප්ත වූ ඒ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ වසර 30ක් ද ඇතුළුව ශාස්ත්‍රධරයකු ලෙස වසර 40ක ලාංකික විශ්වවිද්‍යාල වෙනුවෙන් සිදු කළ සේවයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකට ළංව සිටිය දී ඇයගේ මේ සමුගැනීම විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ මහත් රික්තයක් ඇති කරන්නකි.

මහාචාර්ය කමනි ජයසේකර මහත්මිය ඇයගේ ආචාර්ය උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ඇතුළු අධ්‍යයන සුදුසුකම් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තාය. කීර්තිමත් විශාරදයකු සහ උපදේශකයකු වූ ඇය බටහිර සම්භාව්‍ය සංස්කෘතිය අධ්‍යයනයට හා ඉගැන්වීමට කැප වූ අතර, සගයන්ගේ සහ සිසුන්ගේ ප්‍රසාදය හා ගෞරවය දිනා ගත්තාය. එමෙන් ම ඇයගේ විශිෂ්ට සේවය සහ කැපවීම අගයමින් මහාචාර්ය කමනි ජයසේකර මහත්මියට 2025 ජනවාරි මස 01 වැනි දින විශ්වවිද්‍යාල උපකුලපති සම්මානය ලැබීමට නියමිතව තිබිණි.

ඊයේ (26) සිට මහාචාර්ය කමනි ජයසේකර මහත්මියගේ දේහය ගම්පහ ජයන්ත මල්ශාලාවේ (ගම්පහ රෝහල අසල) තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අද (27) සවස 5:30ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අසල කසගහවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT