Home » ගිනිගත් කැබ් රථයේ පිළිස්සී මියගිය පුද්ගලයා ගැන හෙළිවූ තොරතුරු

ගිනිගත් කැබ් රථයේ පිළිස්සී මියගිය පුද්ගලයා ගැන හෙළිවූ තොරතුරු

by chanaka
December 27, 2024 12:39 pm 0 comment

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ යැයි බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

කිසියම් වූ දහන ද්‍රව්‍යයක් දමා එම කැබ් රථයට ගිනිතබා ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.

කැබ් රථය අසල වැටී තිබූ ගමන් බෑගයේ තිබී පොලිසිය විසින් සොයාගත් හමු වූ හැඳුනුම්පත සහ අනෙකුත් ලියකියවිලි සමග දෙකටන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා සඳහන් කළේය.

පොලිසිය විසින් සොයාගත් බෑගයේ පිලිස්සි මියගිය පුද්ගලයාගේ ඇඳුම්,පැළඳුම් කීපයක්, සහ ජාතික හඳුනුම්පතේ පිටපතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී හමු වී තිබෙන බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව සැක කටයුතු තොරතුරු කීපයක් තිබෙන බවත්, මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙන්ම මහේස්ත්‍රාත්වරිය පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවද මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT