Monday, April 21, 2025
Home » සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් මාට්ටු

සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් මාට්ටු

by chanaka
December 27, 2024 12:21 pm 0 comment

සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල් අසල නතර කර ඇති යතුරු පැදි විවිධ ප්‍රදේශවලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්‍රදේශවල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය විසින් සොයාගත් බව පැවසේ.

‍‍පොලිසිය සඳහන් කළේ මෙම යතුරුපැදි හිමිකරුවන් පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පුද්ගලයින් හඳුනාගෙන අම්බලන්තොට සති පොල පැවැති දිනයේදී එක් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT