Home » බීමතින් රිය පදවන අයගේ බලපත්‍රය වසරකට අත්හිටුවන්න පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි

බීමතින් රිය පදවන අයගේ බලපත්‍රය වසරකට අත්හිටුවන්න පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි

by chanaka
December 27, 2024 11:35 am 0 comment

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.

එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ (26) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් 20වැනිදා සිටය.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT