Home » අපරාධකරුවන් 37කට ජෝ බයිඩ්න්ගෙන් සමාව
මරණ දඬුවම් නියම වූ 

අපරාධකරුවන් 37කට ජෝ බයිඩ්න්ගෙන් සමාව

by mahesh
December 27, 2024 1:00 am 0 comment

විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මඟින් අමෙරිකානු රජය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ දරුණුතම අපරාධකරුවන් 40 දෙනාගෙන් 37 දෙනකුටම ජෝ බයිඩ්න්ගෙන් ජනාධිපති සමාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජනවාරියේ ජනපති ධුරයෙන් නික්ම යෑමට නියමිත බයිඩ්න් නත්තලට දින දෙකකට පෙර ඔවුන් ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට පියවර ගෙන ඇතැයි ද, සමූල ඝාතන සිදු කළ සිරකරුවන් ද, ළමා ඝාතන සිදු කළ සිරකරුවන් 5 දෙනකුද ජනපති සමාව ලැබූ සිරකරුවන් අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අපරාධකරුවන්ගේ මරණ දඬුවම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලෙස සංශෝධනය කළ ද, ඔවුන් විසින් සිදු කරනු ලැබූ ඝාතන තරයේම හෙළා දකින බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ට ගොදුරු වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කරන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT