Sunday, April 20, 2025
Home » මෝල්ටා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

මෝල්ටා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

by chanaka
December 27, 2024 8:13 pm 0 comment

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම හමුවේදී අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෝල්ටාව කැපවී ක්‍රියා කරන බව මහ කොමසාරිස් Reuben Gauci මහතා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ⁣ක්ෂේත්‍රය නගාසිටුවීම පිළිබඳවත්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිලිබඳවත් අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT