Home » වන අලි ගම් වැදීම පාලනය කරන්න මුරපොළවල්

වන අලි ගම් වැදීම පාලනය කරන්න මුරපොළවල්

by chanaka
December 27, 2024 2:40 pm 0 comment

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.

එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර, ඒවා ඉදි කිරීම සිදු වන්නේ ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මතය.

එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා ගෙන වන අලි ගම් වැදීම පාලනය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම වැඩසටහන සාර්ථක වන්නේ නම් ඉදිරි වර්ෂය තුළ අනෙකුත් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT