Home » රණවිරු සුබසාධන කමිටුවේ ප්‍රගතිය සමාලෝචනයක

රණවිරු සුබසාධන කමිටුවේ ප්‍රගතිය සමාලෝචනයක

by chanaka
December 27, 2024 1:40 pm 0 comment

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබදව සොයාබැලීම සඳහා පත් කරන ලද මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ පසුගියදා (දෙසැ .26) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.

එකී ගැටළු සම්බන්ධව මීට පෙර පැවැත්වූ සාකච්ඡාවකදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිහිටුවනු ලැබූ මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපති, රණවිරු සුභසාධනය හා සම්බන්ධ ත්‍රිවිධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අදාල අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත් වුහ.

දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම රණක්‍ෂිතයට පත් රණවිරුවන් මුහුණ දෙන දිගුකාලින ගැටළු නිසි ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගැනීමත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලු වලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබා දීමත් යන කරුණු පිලිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ඒ අනුව, ව්‍යුහගත සහ අන්තර් සහයෝගී ක්‍රියාවලියක් මගින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහතික කිරීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබා දීමටත් හැකි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT