Home » මන්මෝහන් සිං වෙනුවෙන් සතියක ශෝක කාලයක්

මන්මෝහන් සිං වෙනුවෙන් සතියක ශෝක කාලයක්

by chanaka
December 27, 2024 11:40 am 0 comment

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මිය යන විට 92වැනි වියේ පසු විය. 1932 වසරේ වත්මන් පකිස්ථානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වේ.

මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT