Wednesday, April 23, 2025
Home » ඉන්දියන් සාගර කලාපයෙන් විදෙස් රටක ඩ්‍රෝන යානයක් හමුවෙයි

ඉන්දියන් සාගර කලාපයෙන් විදෙස් රටක ඩ්‍රෝන යානයක් හමුවෙයි

by chanaka
December 27, 2024 9:32 am 0 comment

ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ.

ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි

එම ඩ්‍රෝන යානය මෙරට යානයක් නොවන බව සඳහන් ය.

එම ඩ්‍රෝන යානය පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන්හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙසේ හමුව ඇති ඩ්‍රෝන යානය විදෙස් රටක නිෂ්පාදිත ටාගට් ඩ්‍රෝන යානයක් බවද පැවසේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා මාධ්‍යට පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණාවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමට සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන්නක් බවයි.

එසේම, මීට වසර කිහිපයකට පෙර ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට මෙරටට ටාර්ගට් ඩ්‍රෝන් යානයක් මෙරටට පැමිණ ඇති බවයි.මෙය Anadrone Systems විසින් නිෂ්පාදිත එකක් බවට සැක පලකෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT