යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම අද (27) සිට ආරම්භ කෙරේ.
මධ්‍යම පළාතෙන් එම කටයුතු ආරම්භ කෙරෙන අතර, අද පෙරවරු 8.30 සිට පස්වරු 01 දක්වා එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේය.
සංවිධාන හා පුද්ගලයින් 50 දෙනෙකු පමණ එහිදි සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව ලබන 30 වැනිදා ඌව පළාතෙත්, ලබන මස 3 වැනිදා සබරගමුව පළාත සඳහාත් මහජන අදහස් විමසීම සිදු කෙරෙනු ඇත.
බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීම ලබන මස 10 වැනිදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කරන බවද කොමිසම ප්‍රකාශ කළේය.
මේ සඳහා යම් අයෙකුට ඉදිරිපත් වීමට අවශ්‍යය නම් 077-2943193 යන whatsapp අංකය හරහා ලියාපදිංචි විය හැකිය.
මහජන අදහස් ලබා ගැනීමෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලැබේ.
විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන ලබන මස 17 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.