Wednesday, April 23, 2025
Home » මෙරට ක්‍රීඩාව සහ තරුණ කටයුතු සංවර්ධනයට කියුබානු රජයේ සහාය

මෙරට ක්‍රීඩාව සහ තරුණ කටයුතු සංවර්ධනයට කියුබානු රජයේ සහාය

by yasara
December 27, 2024 7:40 am 0 comment

කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.

මෙම අවස්ථාවට කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරිබල් ඩුරාටේ ගොන්සාලේස්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සේලෝ මෙහිදී ප්‍රකාශ කළේය.

දෙරට අතර පැවති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කරන බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම  ගන්නා බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙසත්  සහ ආණ්ඩුව ලෙසත් ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT