Monday, April 21, 2025
Home » මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිට වසර 4ක තහනමක්

මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිට වසර 4ක තහනමක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපති එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහතාට වසර 4ක තහනමක් පැනවෙයි. වත්මන් පරිපාලනයේ සිටින උපසභාපති ජී.එල්.එස්.පෙරේරා මහතාගේ ගෙල මිරිකා මරණ තර්ජනය කිරීමේ චෝදනාව මත මේ දඬුවම පැනවී ඇත. විශ්‍රාමික දිසා විනිසුරු උපාලි සමරවීර, හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ පද්මා සිරිවර්ධන හා මලල ක්‍රීඩා සංගමයේ උපසභාපති චන්දන ඒකනායක මහත්වරුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකින් සිදුකළ පරීක්ෂණයකදී මේ පිළිබඳ තහවුරු වී ඇත.

එම කමිටු වාර්තාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලබාදීමෙන් අනතුරුව ඊයේ රැස්වූ මලල ක්‍රීඩා විධායක කමිටුව මේ තහනම පනවා ඇත. මේ සිදුවීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවත්වන මලල ක්‍රීඩා තරගවලදී විනිශ්චය කටයුතු හා සම්බන්ධ අනෙකුත් සංවිධාන කටයුතුවලදී මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලබාගත යුතු බවට උපසභාපති ජී.එල්.එස්.පෙරේරා මහතා මලල ක්‍රීඩා විධායක සභාවේ අනුමැතිය මත නිර්දේශයක් නිකුත් කිරීම බැවිනි.

ඒ සම්බන්ධව උරණ වූ හිටපු උපසභාපති එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහතා ජී.එල්.එස්. පෙරේරා මහතා සමඟ තදබල ආරවුලක් ඇතිකර ගැනීම ත්‍රිපුද්ගල කමිටුව සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇත. මේ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපති එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහතාට ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන කිසිදු මලල ක්‍රිඩා ඉසව්වකට සහභාගි වීම තහනම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT