ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (26) පැවැත්වේ. අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය අතර වන අර්ධ අවසන් පූර්ව තරගය දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මහර ජනාධිපති විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසි අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයත්, තෙවැනි වටයේදී මීගමුව සාන්ත පීතර විද්‍යාලයත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තම කාණ්ඩයේ අනු ශූරයන් ලෙස පළමු වටය නිමාකළ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි වටයේදී ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලත්, තෙවැනි වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ‘බී’ පිලත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට එක් විය. අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාල පිල සඳරු මලිංස සිත්රු විසින් මෙහෙයවනු ලබන අතර, බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාල පිල යොහාන් මෙත්සිළු පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.
පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයන් ලෙසින් දෙවැනි වටයට එක් වූ මහර ජනාධිපති විද්‍යාලය දෙවැනි වටයේදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයත්, තෙවැනි වටයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, පළමු වටයේ අනුශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ‘බී’ පිලත්, තෙවැනි වටයේදී කෑගලු විද්‍යාලයත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මහර ජනාධිපති විද්‍යාල පිල නිරාධ නවාංග විසින් මෙහෙයවනු ලබන අතර, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල පිල හිරුන් ඉමිරක විසින් මෙහෙයවනු ලබයි.
අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විදුහල් සංචිතය
සඳරු මලිංස සිත්රු (නායක), හිමාෂ දහම්, සිනෙත් නිම්සර, තෂ්මික ඉමාෂ්, කළණ දිනෝද්, දිදුල දෙනුවන්, තිදස් මෙන්ඩිස්, ගයුක යුහන්සිත්, තාරුක රන්මිර, විහඟ සත්සර, නිතිෂ් කෝඩිකාර, වොමර්ෂ සඳරු, වශිත දම්සර, සමිදු විදුෂාන්, සඳුල් සිතුමිණ, ඉෂාන් එන්. කාරියවසම් (කණ්ඩායම් භාර ආචාර්ය), අශෝක කුමාර (ප්‍රධාන පුහුණුකරු), ඩබ්ලිව්. ටී. සසිත් දිල්හාන් (සහාය පුහුණුකරු)
බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයීය සංචිතය
යොහාන් මෙත්සිළු පෙරේරා (නායක), අකේන් අශේන්ක, දිනිල් බණ්ඩාර, මනුජ බණ්ඩාර, දුලක්ෂ රන්දික, හෙසඳු තත්සිළු, තිලක්ෂණ බණ්ඩාර, දෙනෙත් වීරසිංහ, දිනුල් නේතක, ලිංගම් ලිවේෂ්, තුහින සස්මිණ, සවිජ ගෝමස්, කාවින්ද පැහැසර, විනුක් නිම්සර, කවිත කොඩිතිවක්කු, ජිතුල සෙනොත්, සුනන්ද රත්නායක (කණ්ඩායම් භාර ආචාර්ය), ඉසුර උදයකුමාර (පුහුණුකරු)
මහර ජනාධිපති විද්‍යාලයීය සංචිතය
නිරාධ නවාංග (නායක), නිසල ජෝර්ජ්, අනුද ලියනගේ, චනුප නෙත්සඳ, ලොහස් දෙව්දුන්, විකාෂ් ගිම්හාන්, කෙනුල් කෞශන, නදීන් තිසරංග, නදිල් නිම්සර, අදීෂ සස්මිත, දනුන තක්ෂිළු, තාරුක දිනෙත්ම, කණිෂ්ක ධනංජය, කවිරු මනුජය, යුරේෂ් ඉඳුරංග, තමිදු අකීෂ, බිනුද තෙව්මිර, තිවංක දිසානායක (කණ්ඩායම භාර ආචාර්ය), කේ. ඒ. ප්‍රදීප් නිශාන්ත (ප්‍රධාන පුහුණුකරු), එම්. අචිර තිමල්ක (සහාය පුහුණුකරු), ඩබ්ලිව්.එල්. ඩී. සසිත අෂාන් (සහාය පුහුණුකරු)
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල සංචිතය
හිරුන් ඉමිරක (නායක), වෙනුෂ ඩිල්ෂාන්, දුලිත දනුසර, තීක්ෂණ කවිඳු, නජිත සෙනුවර, රේණුජ දිල්මෙත්, ඉමිර තරුල්, මයුර දෙනෙත්, සෙනුක් ගිම්හාන්, විහඟ වර්ෂණ, දිනෙත් ඉසුරු, සදෙව් සත්සර, පවන් ප්‍රභාෂ්වර, අෂ්මික ඉඳුවර, සමින්ද තේනුක, සසිඳු මෙන්ඩිස්, සිත්ම ඉඳුවර, ශෂ්මිත රත්සඳු, අසංක ප්‍රභාත් (කණ්ඩායම් භාර ආචාර්ය), ඉඳුනිල් කුමාර සඳලංකා (ප්‍රධාන පුහුණුකරු), ඉෂාන් පුෂ්පික දමයන්ත (සහාය පුහුණුකරු)