කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායක සංගමය විසින් අඛණ්ඩව 18 වැනි වරට සංවිධාන කළ නෝලිමිට් සහිරා සුපර් 16 සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හමීඩ් අල් හුසේනි විදුහල් කණ්ඩායම සමත් විය.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී අල් හුසේනි පිල හමුවේ කින්නියා අල් අමීන් මහා විදුහල පරාජයට පත් විය. ජයග්‍රාහී හමීඩ් අල් හුසේනි විදුහලට රුපියල් 40,000ක් ද අනුශූර අල් අමීන් පිලට රුපියල් 25,000ක් ද පිරිනැමිණි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අල් අමීන් මහා විදුහල් පිලේ මොහමඩ් මුනාස් සම්මාන දිනාගත් අතර, දක්ෂතම ගෝල් රකින්නා ලෙස කේ.එම්. රිහාස් (අල් අමීන්), අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒ.එෆ්.එම්. හරහම් (හමීඩ් අල් හුසේනි) සම්මාන ලැබූහ.
නෝලිමිට් අලෙවි කළමනාකරු ඉම්තිසාන් මොහිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත පිරිනැමූ අතර, සහිරා විද්‍යාලයේ විදුහල්පති රිස්වි මරික්කාර්, පාලක මණ්ඩලයේ ලේකම් නුස්රි මුන්සූර්, පාසල් පාපන්දු සම්මේලනයේ ලේකම් එන්.එස්.බී. දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.