Sunday, April 20, 2025
Home » අද විනාඩි දෙකක් නිහඬව ඉමු

අද විනාඩි දෙකක් නිහඬව ඉමු

by chanaka
December 26, 2024 7:00 am 0 comment

සුනාමි ව්‍යසනය සිදුවී වසර 20 ක් සපිරෙන අද(26) දිනයේ උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් විය.

මේ අනුව, හෙටට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද සමරු වැඩසටහන් සංවිධාන කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT