Monday, April 21, 2025
Home » නාවික හමුදාපති පාවෙන චීන රෝහලට..

නාවික හමුදාපති පාවෙන චීන රෝහලට..

by mahesh
December 26, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මිය 2024 දෙසැම්බර් 24 දින මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එහිදී ඔවුන් නාවික හමුදා සම්ප්‍රදායනුකූලව පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක යෙදුණහ.

එහිදී, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව අතරතුර, ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේද දායකත්වය සහිතව සිදු කරනු ලබන වෛද්‍ය සායන සහ විශේෂ ප්‍රතිකාර ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳවද නාවික හමුදාපතිවරයා සහ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි. මේ අවස්ථාව සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ මහතාද ඊට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT