Tuesday, April 8, 2025
Home » කටුනායක-කොළඹ අධිවේගියේ විදුලි රැහැන් ආරක්ෂාවට STF මුර සේවයක්

කටුනායක-කොළඹ අධිවේගියේ විදුලි රැහැන් ආරක්ෂාවට STF මුර සේවයක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ විදුලි රැහැන් සොරකම් නැවතීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාදීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එකඟතාව පළ කර තිබේ.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ විදුලි රැහැන් කැපීමේ සිදුවීම් ගණනාවක් පිළිබඳ අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි සලකා බලමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගෙන් මෙයට පිළියමක් යොදන ලෙස විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව මෙයට ගත හැකි ඉක්මන් පියවරක් ලෙස මෙම අධිවේගි මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අධිවේගයේ විදුලි රැහැන් කපන අවස්ථාවලදී හොරුන්ට දඬුවම් පැමිණවීමෙන් පසුව අලුත්වැඩියා සිදු කළත් නැවත නැවතත් එම ක්‍රියාව සිදුව තිබේ.

රාත්‍රී කාලයේ සිදුවන මෙම සොරකම් නිසා මාර්ගය භාවිත කරන්නන්ට ජීවිත අවදානමක් ඇත.

යෝජිත රාත්‍රී මුර සංචාරක සේවය මෙම ගැටලුවට පිළියමක් වන බවට මහාමාර්ග අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

එමෙන්ම මෙම මාර්ගයේ සිදුවන රිය අනතුරුවලදී වාහන සුන්බුන් කඩිනමින් ඉවත් කිරීමට සහාය දීමට ද එම බළකාය එකඟතාව පළ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT