Home » නත්තල් දා සූර්පිට රිය පැදවූ 251ක් අත්අඩංගුවට

නත්තල් දා සූර්පිට රිය පැදවූ 251ක් අත්අඩංගුවට

by mahesh
December 26, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා පොලීසිය මඟින් නත්තල් උත්සවය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම විශේෂ රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක, පසුගිය පැය 24 තුළදී බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව අනෙකුත් වැරදි සම්බන්ධයෙන් සමස්ත රියැදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේය.

උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඉකුත් 23 වැනිදා සිට මෙම විශේෂ රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. විශේෂ රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එබැවින් ඉදිරි කාලසීමාව තුළදීත් බීමතින් තොරව මාර්ග නීති රීතිවලට අනුගතව සැලකිලිමත්ව රිය ධාවනය කරමින් ශ්‍රී ලංකා පොලීසියට සහාය දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT