නොකඩවා පැය හයක කාලයක් තුළදී ගීත 87ක් ගායනා කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට ගුවන් හමුදාවේ හිටපු නායක ගුවන් භටයකු වන නිශාන්ත බණ්ඩාර මහතා සමත්ව ඇත.
මෙලෙස නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වූයේ ගුවන් හමුදාවේ හිටපු නායක ගුවන් භටයකු වන මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රාදේශයේ පදිංචි අයි.එම්. එල්. නිශාන්ත බණ්ඩාර නමැති අයෙකි.
මෙම ගුවන් භටයා මෙයට පෙරද පසුගිය අගෝස්තු මාසයේ ත්‍රීවීල් රථයක් පිටුපසට කිලෝමීටර් 100ක දුරක් ධාවනය කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වූ අයෙකි.
නිශාන්ත බණ්ඩාර මහතා මෙම ලෝක වාර්තාව තැබුවේ ‘සේරන්ඩිබ්’ ලෝක වාර්තා කමිටුවේ විනිශ්චය මණ්ඩලයක් ඉදීරියෙ වන අතර එහිදී එම විනිසුරුවන් පවා මවිත කරමින් කිසිදු ආහාරයක් නොගෙන ජල පොදක් හෝ පානය නොකරමින් එක දිගටම ශ්‍රී ලාංකිකයන්ගේ ගීත ඉතාමත් ළයාන්විත ලෙස විවිධ හඬින් ගායනා කිරීම විශේෂිත විය.
මෙම ආරම්භක අවස්ථාවට මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා සමඟ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අංජන සඳරුවන් ඇතුළු පිරිසක් එක්ව තිබූ අතර ඒ සඳහා හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ඉනෝක් තුෂාර පතිරගේ මහතා විසින් තම දායකත්වය ලබා දෙමින් මෙම කටයුතු සාර්ථක කරගෙන යාමට සඳහා මදුරන්කුලිය ඉසුරු උත්සව ශාලාව ලබා දී තිබේ.
මදුරන්කුලිය විහාරස්ථානයේ වැඩ වාසය කරන මදුරන්කුලිය සිරිනන්ද හිමියන් හා කන්දතොඩුවාව මිසමේ මිසම් පාලක පියතුමන් වන රොහාන් ඩයස් විසින් ආගමික වතාවත් සිදුකරමින් නිශාන්ත බණ්ඩාර මහතාට ආශීර්වාද කරන්නට වූහ. ඒ සමඟම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව තිබීම විශේෂ විය. මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ නිශාන්ත බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.
“මම පසුගිය අගෝස්තු මාසයේ තමා මගේ පළමු ලෝක වාර්තාව තැබූවේ ඒ සඳහා මගේ ත්‍රිරෝද රථය යොදා ගනිමින් කිලෝමීටර් 100 දුරක් පසුපසට ධාවනය කරමින් එය කළා. දෙවනුව තමා මෙම ලෝක වාර්තාව කළේ. මම මුලින්ම පැය 12ක් කරන්න තමා සූදානම් වුණේ නමුත් ඒ සඳහා එක දිගට එය කරන්න ගැටලු මතුවුණ නිසා පැය හයකට සීමා වුණා.
මම ඉදිරියේදී තවත් ලෝක වාර්තා කීපයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි පවසන්නට විය.
මෙම අවස්ථාව සඳහා සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ ප්‍රධාන විනිසුරු සාන්ත බණ්ඩාර සමඟ විනිසුරු සමිර කොස්වත්ත යන මහත්වරු එක්වූහ.