Home » ආදායම් නිලධාරියා හා ක්ෂේත්‍ර‍ කම්කරුවා රිමාන්ඩ්
වෙළෙඳ බලපත්‍රයක් දෙන්න මස් කිලෝවක් අල්ලස් ගත්

ආදායම් නිලධාරියා හා ක්ෂේත්‍ර‍ කම්කරුවා රිමාන්ඩ්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඊ. ජයකොඩි මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි

වෙළෙඳ බලපත්‍ර‍යක් දීමට අල්ලස් වශයෙන් ව්‍යාපාරිකයකුගෙන් කුකුළු මස් කිලෝවක් ගනිද්දී අත්අඩංගුවට පත් මීරිගම ප්‍රාදේශීය සභාවේ ආදායම් නිලධාරියා සහ ක්ෂේත්‍ර‍ කම්කරුවා ජනවාරි (6) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය ඊයේ (25) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබී ඇත්තේ, මීරිගම ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරියකුට සහ එම ප්‍රදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කරන ක්ෂේත්‍ර‍ කම්කරුවකුටය.

2025 වසරට අදාළ වාර්ෂික වෙළෙඳ බලපත්‍ර‍ය දීමට නම් කුකුළු මස් කිලෝවක් දෙන ලෙස ඔවුන් පැවසූ බව කියමින් කොස්ගම ප්‍රදේශයේ පදිංචි කුකුළු මස් ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව උපාය දූතයකු යොදවා කළ වැටලීමකින් පසු අදාළ අල්ලස දෙන අවස්ථාවේ කොස්ගොඩ නගරයේ පිහිටි පැමිණිලිකරුගේ වෙළෙඳසල ඉදිරිපිටදී පෙරේදා (24) දහවල් 1.00ට මේ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT