Monday, April 21, 2025
Home » PEACE ARK බලන්න අගමැතිනිය ඇවිත්

PEACE ARK බලන්න අගමැතිනිය ඇවිත්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන Peace Ark නැරඹීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වූවාය.

Peace Ark නෞකාව පසුගිය 21 වැනි දින කොළඹ වරායට සේන්දු වූ අතර, 22 සිට හෙට (27) දක්වා මෙරට ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දෙනු ඇත. සිය සංචාරයේදී අගමැතිවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, මෙරට ජනතාවට මේ සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය.

ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අගමැතිවරිය එහිදී අවධාරණය කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT