අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් බවත්, එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් බවත් කම්කරු ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කම්කරු නීති සහ කාර්මික සබඳතා, කම්කරු නීතියේ ප්‍රායෝගික යෙදීම්, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ කොන්ත්‍රාත් පරිපාලනය යන පාඨමාලාවලට අදාළ ඩිප්ලෝමාධාරීන් 375කට සහ සහතිකපත්‍රලාභීන් 300කට සහතික පත්‍ර දීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (24) පැවැති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණුවලට වඩා පුළුල් සීමාවක පැතිරෙනවා. පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක්ම නොව ආකල්පවලින් ද වෙනස් විය යුතුයි. කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති මේ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයෙන් ඉතා වැදගත් සේවාවක් සලසනවා. මේ පාඨමාලා සාර්ථකව හදාරා ඩිප්ලෝමාධාරීන් බවට පත් වූ ඔබගෙන් ආයතන තුළ කාර්මික සබඳතා වැඩි වී සේවා ස්ථාන සුහදශීලි ස්ථාන බවට පත් කිරීමට හැකි වෙනවා. මේ ආයතනයේ අරමුණත් එයයි. ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා. අධ්‍යාපනය ඔස්සේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ නම් ලෝකය ප්‍රශ්න කිරීමේ ශක්‍යතාවයි.”
කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
මේ අවස්ථාවට කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. ඩී. සුරංග ගුණරත්ත සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුඵ නිලධාරීහු එක්ව සිටියහ.
ඡයාරූප – සුදත් නිශාන්ත