Saturday, April 19, 2025
Home » නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර අද වැඩ භාර ගනී

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර අද වැඩ භාර ගනී

by mahesh
December 26, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ධම්මික ජයසුන්දර මහතා යළි පත් කර තිබේ.

එම පත්වීමට අදාළ ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වීමත් සමඟ ඒ මහතා එම ධුරයට පත් කර තිබේ.

සංඥා හා විදුලි ඉංජිනේරුවරයෙක් වූ ඒ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස මින් පෙර කටයුතු කර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව නඟාසිටුවීමට විශාල මෙහෙවරක් ද සිදු කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස යළි පත්වූ ඒ මහතා අද (26) උදෑසන 09.30ට දුම්රිය මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට නියමිතය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව සාමාන්‍යාධිකාරිවරයා පෙරවරු 11ට කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT