Monday, April 21, 2025
Home » මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකි වීම අප ලැබූ ජයග්‍රහණයක්
IFJ අනුමැතියෙන් 

මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකි වීම අප ලැබූ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

රජයේ මාධ්‍ය හැඳුනුම්පතට විකල්පයක් ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) අනුමැතිය සහ ලාංඡනය සහිතව මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකිවීම මෙරට ජනමාධ්‍යය, වෘත්තීය සමිතියක් ලෙස ලබා ගත් ජයග්‍රහණයක් බවත්, මෙරට ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනයට කළ හැකි උපරිම කාර්යයන් සිදු කරන බවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (21) කොළඹදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 45 වැනි සංවත්සරය සමරමිනි.

මේ සැමරුම සඳහා ආරාධිතයන් ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරිය වන නව්‍යා සිං මහත්මිය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා ද එක්වූහ.

මේ සැමරුමට සමගාමීව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන‍්ට ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සමඟ ඒකාබද්ධව අන්තර්ජාතික ඇගයීමක් සහිතව මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් රංග බණ්ඩාරනායක මහතා සැමරුම් උත්සවයට පැමිණි පිරිස පිළිගත් අතර, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙරට අනෙකුත් ජනමාධ්‍ය සංගම් සමඟ එක්ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් භාරදූර කාර්යභාරයක් කළ බව ද පැවසුවේය.

මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙන්ම විවිධ මාධ්‍ය ආයතනවල සේවය කරන දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවෝ රැසක් ද එක්ව සිටියහ.

උත්ස­ව­යට පැමිණ සිටි ශ්‍රී ලංකා වෘත්තීය ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන්ගේ කොට­සක්

උත්ස­ව­යට පැමිණ සිටි ශ්‍රී ලංකා වෘත්තීය ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන්ගේ කොට­සක්

ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය වන නව්‍යා සිං මහ­ත්මිය සමරු සට­හ­නක් තබ­මින්...

ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය වන නව්‍යා සිං මහ­ත්මිය සමරු සට­හ­නක් තබ­මින්…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT