Monday, April 21, 2025
Home » නත්තලට හිරගෙදරින් ‘නිදහස ලැබූ ‘රුසියානු අම්මයි පුංචි දුවයි

නත්තලට හිරගෙදරින් ‘නිදහස ලැබූ ‘රුසියානු අම්මයි පුංචි දුවයි

by chanaka
December 26, 2024 7:14 am 0 comment

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව යටතේ නිදහස ලැබූහ.

නිදහස් ලැබූ රැඳවියන් අතර රුසියන් ජාතික විදේශ කාන්තාවක සහ ඇයගේ අවුරුදු 4ක සිඟිති දියණිය ද සිටින බව මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙප් මහතා පැවසීය.

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් ලැබ සිට ඇත. දියණිය සහ කාන්තාව වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT