Home » චීන ආධාර මත බංග්ලාදේශයේ විශාලතම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජනතා අයිතියට

චීන ආධාර මත බංග්ලාදේශයේ විශාලතම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජනතා අයිතියට

by chanaka
December 26, 2024 7:10 am 0 comment

බංග්ලාදේශයේ විශාලතම “පද්ම පාලම දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය” සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගමනාගමනය අරඹයි. එහි පළමු දුම්රිය ඩකා දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග පසුගියදා (24) නිල වශයෙන් විවෘත කෙරිණ.

බංග්ලාදේශය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවලින් එකක් වන “පද්ම පාලම දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය” සීමාසහිත චීන දුම්රිය සමූහයේ ඉදිකිරීමකි. ඒ සඳහා චීන අපනයන-ආනයන බැංකුව අරමුදල් සපයා ඇත.

බංග්ලාදේශයේ “සිහින මාර්ගය” ලෙස හඳුන්වන මෙම දුම්රිය මාර්ගය ආසන්න වශයෙන් කිලෝමීටර් 170ක් දක්වා විහිදේ. එය විවෘත කිරීමත් සමග ඩකා අගනුවර සිට නිරිත දිග Jashore අතර ගමන් කාලය පැය 10 සිට පැය 3 දක්වා අඩු කෙරේ. මීට අමතරව මෙම දුම්රිය මාර්ගය ඔස්සේ සිය කලාපයන්හි ආර්ථික සංවර්ධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මිලියන 80ක පිරිසකට ඉන් සෘජුවම ප්‍රතිලාභ හිමිවන අතර බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය 1.5%කින් වැඩි වනු ඇත.

මෙම දුම්රියේ වාණිජ මෙහෙයුම නව කොටසක ආරම්භයක් පමණක් නොව බංග්ලාදේශ දුම්රිය ඉතිහාසයේ පරිවර්තනීය පරිච්ඡේදයක ඇරඹුම බව එරට දුම්රිය අමාත්‍යංශයේ ලේකම් Md. Fahimul Islam පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT