Saturday, April 19, 2025
Home » නව වසරේ බලාපොරොත්තුව ලෝක සාමයයි

නව වසරේ බලාපොරොත්තුව ලෝක සාමයයි

by mahesh
December 26, 2024 1:00 am 0 comment

– පාප් වහන්සේ නත්තල් පණිවිඩය නිකුත් කරයි
– සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ දොරටුවත් විවෘත වෙයි

ලෝක සාමය සඳහා බලපෑම් කළ හැකි බවට බලාපොරොත්තු ඇතිකර හැකි වසරක් ඉදිරියේදී එලැඹෙන බව නත්තලට පෙර දින රාත්‍රියේ වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති නත්තල් මංගල්‍ය උත්සවයට සහභාගි වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය 12 වැනි නත්තල් දේව මෙහෙයට සහභාගි වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර ගණනාවකට එක් වතාවක් පමණක් විවෘත වන සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ දොරටුව ද විවෘත කළ බවත්, ඒ සමඟම ලෝක කතෝලික ප්‍රජාව විසින් ජුබිලි වසර ලෙස හඳුන්වනු ලබන වසරක උදාව ආරම්භ වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2025 ජුබිලි වසර බවට පත් කරමින් ශුද්ධ දොරටුව විවෘත කිරීමෙන් පසු ලබන වසරේදී රෝමයට මිලියන 32ක පමණ සංචාරකයන් පැමිණෙනු ඇතැයි ද, වසර 2026 ජනවාරියේ 6 වැනිදා දක්වා විවෘත තබන ශුද්ධ වූ දොරටුව තුළට පිවිස සිය පව් කමා කිරීමට සහ නව බලපොරොත්තු ඇති කරගැනීමට ලෝක වාසි කතෝලික බැතිමතුන්ට අවස්ථාව උදාවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් අඩු ආදායම්ලාභී රටවල් මුහුණ දෙන ණය බර අඩු කිරීම සඳහා ජුබිලිය භාවිත කරන ලෙස සංවර්ධිත ජාතීන්ට පාප් වහන්සේ කලින් කළ ඉල්ලීම නැවත සිහිපත් කරමින් සංවර්ධනය වෙමින් පවතින අඩු ආදායම්ලාභී රටවල ණය අවලංගු කරන ලෙස ද පාප් වහන්සේ සිය නත්තල් පණිවුඩයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. වසර 2000 ජුබිලි වසර ආරම්භ කරමින් එවකට දෙවැනි පාවුළු පාප් වහන්සේ ද එවැනි ඉල්ලීමක් කළ බවත්, 2000 -2015 අතර කාල සීමාව තුළ අඩු ආදායම්ලාභී රටවලට ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 130ක ණය අවලංගු කිරීමට එය හේතු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT