Home » නත්තල් ගසට ගිනි තැබීමේ සිදුවීමකින් සිරියාවේ අගනුවර විරෝධතාවක්

නත්තල් ගසට ගිනි තැබීමේ සිදුවීමකින් සිරියාවේ අගනුවර විරෝධතාවක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි ජාතිකයන් බහුලව වාසය කරන සුකේලබියා චතුරස්‍රය ආසන්නයේ නත්තල නිමිත්තෙන් ඉදිකළ විශාල නත්තල් ගසක් යම්කිසි පිරිසක් විසින් ගිනි තැබීමේ සිදුවීමට එරෙහිව විරෝධතාවක් පැතිරී ගොස් 3) ඇතැයිද, එරට සුළුතර ජාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස සිරියාවේ ඉස්ලාමීය නව රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නත්තල් දිනයට පෙර දින රාත්‍රියේදී මුහුණ ආවරණ කරගත් පිරිසක් විසින් නත්තල් ගසට යම්කිසි දියර වර්ගයක් ඉසින අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලයට ද නිකුත් වී ඇති අතර, ඔවුන් නත්තල් ගසට ගිනි තැබුවේද නොඑසේ නම් එම ගින්න පැතිරීම වැළැක්වීමට උත්සාහ කළේදැයි පැහැදිලි නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නත්තල් ගසට ගිනි තැබීමේ සිදුවීමෙන් පසු එරට සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාව දමස්කස් අගනුවර ඇතුළු නගර රැසක විරෝධතා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT