Monday, April 21, 2025
Home » අසර්බයිජාන් ගුවන් යානයක් කඩා වැටී 37ක් මරුට

අසර්බයිජාන් ගුවන් යානයක් කඩා වැටී 37ක් මරුට

by mahesh
December 26, 2024 1:00 am 0 comment

අසර්බයිජාන් රාජ්‍යයේ බාකු අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි නුවර බලා පියාසර කළ මගීන් 62 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු රැගත් ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටෝ නුවර ආසන්නයේ කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නත්තල් දිනයේ සැමරුම මැද සිදුවූ මේ ඛේදවාචකයෙන් ජීවිත බේරා ගැනීමට පුද්ගලයන් 30 දෙනකු සමත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් එම ගුවන් යානය අධික මීදුම් තත්ත්වය හේතුවෙන් කසක්ස්තානයේ හදිසි ගොඩබෑමකට සූදානම් වීමේදී අනතුරට ලක්වී ඇති අතර, ඊට හේතුව මෙතෙක් තහවුරු වී නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ගුවන් යානය අනතුරට පත් වන අවස්ථාවේදී එහි අසර්බයිජාන්, රුසියානු, කසක්ස්තාන සහ කිර්ගීස්තාන ජාතිකයන් සිටි බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT