රාහු කාලය
දහවල් 01.39 – 03.07 දක්වා
අලුයම 01.43 – 03.16 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 06.52ට උතුර බලා
උදේ 08.21ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 08.17ට උතුර බලා
උදේ 10.41ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 06.47ට උතුර බලා
සවස 04.40ට උතුර බලා
මේෂ
සුවිශේෂී ජයග්‍රහණ රැසක්
විවිධ බාධක මැද්දේ සුවිශේෂී ජයක් අත්පත් කරගනු ඇත. මිල මුදල් වියදම් වුවද පරිත්‍යාගශීලීන්ගේ ඇප උපකාර නිසා එතරම් ගැටලුවක් නොවනු ඇත. ඇවිදිලි අධිකයි.
වෘෂභ
නිෙවසේ පුණ්‍ය කටයුත්තක්
ශරීර සෞඛ්‍යයට තර්ජන එල්ල වේ. අරපිරිමැස්ම හුරු විය යුතුය. බොහෝ පිරිස් සමඟ යෙදෙන ගමන් බිමන් අතර විනෝද ගමන් ද යෙදේ. නිෙවසේ යම් පුණ්‍ය කටයුත්තක් ද සිදුවනු ඇත.
මිථුන
දෙපිරිසක් අතර වාද විවාද
බොහෝ විට දෙපිරිසක් අතර වාද විවාද හට ගැනීමට ඉඩ ඇති අතර තමා යම්කිසි ජයග්‍රහණයක් වෙනුවෙන් බලා සිටිනවා වෙන්නට ද පුළුවන. නැතහොත් නීති ගැටලු වුවද උදාවීමට පුළුවන.
කටක
විභාගයකින් යහපත් ප්‍රතිඵල
ජලාශ්‍රිත උවදුරු සහිතයි. බොහෝවිට ප්‍රවේශම් විය යුතුය. විභාගයකට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් සතුටුදායක ප්‍රතිඵල අත්විඳීමට පුළුවන.
සිංහ
බලාපොරොත්තු සුන්වීමක්
තදබල බලාපොරොත්තු සුන් වී යා හැකිය. සිත කලකිරෙන ස්වභාවයක් උසුලයි. ගේ දොර ඉඩකඩම් වලට පිටස්තර අයගේ මැදිහත්වීම් කොහෙත්ම හොඳ නැත. හිස සම්බන්ධ රෝග උවදුරු මතු වනු ඇත.
කන්‍යා
බුද්ධිමත් තීන්දු තීරණ ගනී
ඉතා බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගන්නා තත්ත්වයකි. සෙසු පිරිස් සමඟ කටයුතු කිරීමේදී දෙවතාවක් සිතා කටයුතු කළ යුතුය. ව්‍යාපාරික ස්ථාන සම්බන්ධව අලාභ හානි සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා සැලකිලිමත් වන්න.
තුලා
අධ්‍යාපනික – ආධ්‍යාත්මික බලයක්
තම ව්‍යාපාරික ස්ථානය සම්බන්ධ උසස් තීරණ ගනී. ව්‍යාපාරය සඵල වේ. නව ආයෝජන කටයුත්තකට ද අත ගසයි. ආධ්‍යාත්මික අධ්‍යාපනික මට්ටමේ මානසික බලයක් උදාවනු ඇත.
වෘශ්චික
අතමිට සරු බවක්
පපුවේ අසනීප මතු කරයි. වා පිත් සෙම් රෝගවලත් හේතු වේ. අධික සීතල නිසා ශ්වසන ආපදා මතු වන අතර සීතල අවම ආහාරපාන ගතයුතුව ඇත. අතමිට සරුවන දිනකි.
ධනු
මිල මුදල් අත ගැවසේ
සෙසු අය සමඟ සටන් වදින ස්වභාවයක්. තමා ළඟ රැකියා ව්‍යාපාර කළ අයට සහනය සැලසීමට ඔබට හැකියාව ලැබේ. මිල මුදල් අත ගැවසේ. නමුත් වියදම අධික වේ.
මකර
පිටරටවලින් සහන
පිටරටවල සහාය තමාට හිමි වේ. නිතර නිතර ගම් පියසෙන් බැහැරව කළ ව්‍යාපාරයක් වෙනුවට ස්ථිරසාර රැකියාවකට හේතු වේ. අධික වෙහෙසකාරී බව තම ශරීර සෞඛ්‍යයට සුබ නැත.
කුම්භ
පවුලට නව සාමාජිකයෙක්
ජලාශ්‍රිත ආදායම් උදාවේ. විශේෂයෙන් ජල බෝතල් අලෙවි කරන අයට සුබවාදී ආර්ථික වාසි හිමි වේ. තම පවුලට නව සාමාජිකයකු ද එකතු වන අතර ආගමික කටයුතුවලට මුල්තැන දෙනු ඇත.
මීන
පිරිස් බලය නොඅඩුව ලැබේ
තම පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ තමාට මගහැරෙන අතර, පොදු වැඩ කටයුතුවලදී ජයග්‍රහණ හිමි වේ. දේශපාලන කටයුතුවල නිරත අයකු නම් වෙනදාට වඩා වැඩි වගකීම් සමුදායක් ඔබට හිමිවනු ඇත. පිරිස් බලය නොඅඩුව ලැබේ.