2024 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම විසි ලක්ෂය ( මිලියන දෙක ) පසු කරමින් විසි ලක්ෂය වැනි සංචාරකයා අද (26) උදෑසන තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එසේ පැමිණියේ තායිලන්තයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටින 53 හැවිරිදි ප්‍රසාන් ඉන්කනන් ( Prasan Inokanunt ) මහතා සහ ඔහුගේ බිරිඳයි .
ඔවුන් තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ තිබූ අතර , ඔවුන් සති 01 ක කාළයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .
ඔවුන් අදඋදෑසන 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා සංචාරක කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති සිරිල් වන්නිගම යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ .