Sunday, April 20, 2025
Home » මෙරට දුම්වැටිවලින් තොර කලාප 200ක්

මෙරට දුම්වැටිවලින් තොර කලාප 200ක්

by chanaka
December 26, 2024 5:07 am 0 comment

ශ්‍රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

දුම්වැටිවලින් තොර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කලාපවල දුම්වැටි අලෙවිය සහ දුම්පානය මුළුමනින්ම තහනම් වනු ඇත.

එමෙන්ම දුම්පානයෙන් සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ ඒ පිළිබඳ අවබෝධය ලබාදීම සඳහා අදාළ ප්‍රදේශවල දැන්වීම් ප්‍රදර්ශනය කිරීමටද තීරණය කර තිබේ.

මෙම වැඩසටහන සඳහා පූජ්‍ය පක්ෂය, ස්වේච්ඡා කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහ තරුණ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහයෝගය දක්වා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර දුම්පානය සහ ඒ ආශ්‍රිත රෝග හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 20,000ක් පමණ මිය යන බව සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT