Home » අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි

අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි

by mahesh
December 26, 2024 1:04 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

වාලච්චේන කඩදාසි කම්හල නිරීක්ෂණයට එක්වෙමින් ඊයේ (25) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වාලච්චේන කඩදාසි කම්හල මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රමුඛ ව්‍යාපෘති ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඉවතලන කඩදාසි ලබාගෙන ප්‍රතිචක්‍රීකරණය කිරීමත් පාසල් අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමත් හැඳින්විය හැකිය.

වසර ගණනාවක් තිස්සේ සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව අභාවයට යමින් තිබූ ආකාරය සිය නිරීක්ෂණ චාරිකාවේදී දක්නට ලැබුණු අතර මෙතෙක් පැවති අඩුපාඩු පසෙකලා නව ජවයකින් කටයුතු කිරීමට නව කාර්යමණ්ඩලය උත්සාහ කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT