ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය 13 වැනි වරට සංවිධාන කළ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ ඉසව්වේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩා පරිශ්‍රයේ පැවති මේ තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 9ක් දිනා ගත්තේය. මේ තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදා ක්‍රීඩකයන් සතු වූ අතර, ඔවුන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට අහිංස ප්‍රභාෂ්වර සමත් විය.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් චමින්ද වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු පිරිසක් එක්වූහ.