Home » මෙරට කලාව ජාත්‍යන්තරයට රැගෙන යාමට තරුණ සේවා සභාවට හැකියි

මෙරට කලාව ජාත්‍යන්තරයට රැගෙන යාමට තරුණ සේවා සභාවට හැකියි

- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියයි

by chanaka
December 25, 2024 2:54 pm 0 comment

ජාතික තරුණ සේවා සභාව මඟින් 43වෙනි වරට පවත්වන යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල ඊයේ (24) එල්ෆින්ස්ටන් රඟහලේ දී ආරම්භ විය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, සහභාගී වූ අතර ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල්/සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ සහ සම්භාවනීය කලාකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණි.

ශ්‍රී ලාංකීය කලාකෙත දක්ෂ කලාකරුවන්ගෙන් අස්වැද්දීමට යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල මහඟු අවකාශයක් බවත්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම උදෙසා සංස්කෘතික ජීවිතයක ඇති අවශ්‍යතාවය පිළිබඳවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කළේය.

මෙරට කලාව ජාත්‍යන්තරයට රැගෙන යාමට ජාතික තරුණ සේවා සභාවට හැකි බවත්, ඒ සඳහා මැදිහත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වන මෙම කෙටි නාට්‍ය උළෙල, 2024 දෙසැ. 24,26,27
එල්ෆින්ස්ටන් රඟහලේ දී සහ දෙසැ. 28,30,31 ටවර් හෝල් රඟහලේ දී පැවත්වීමට නියමිත අතර මෙම නාට්‍යයන් නොමිලේ නැරඹීමට ද අවස්ථාව සලසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT