Home » ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු 27වැනිදා

ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු 27වැනිදා

by chanaka
December 25, 2024 9:56 am 0 comment

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා පවසයි.අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

දේහය අද (25) උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

26 වැනිදා සවස 2 සිට 5 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින සවස 6 සිට 27 වනදා සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව 27 වැනිදා සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට ඔහු 80 වැනි වියේ පසු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT