තමන්ට එල්ල වී තිබෙන්නේ කොපි කළායැයි චෝදනාවක් මිස අධ්‍යාපනය නොලැබූ බවට චෝදනාවක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන් විභාගයට පෙනී සිටියේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී බවත් තමන්ට ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ ඇතැමුන් උත්සාහ කරන්නේ නීති විද්‍යාලය කොපි කරන තැනක් බවට මතයක් ගොඩනැඟීමට බවත් ඒ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව පෙරේදා (23) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ කීවේය.
“තමන් ජනතාවට වූ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වූ විට ආණ්ඩුව දැන් ප්‍රශ්නය වෙනත් පැත්තකට හරවන්න උත්සාහ කරනවා. පක්ෂයේ ප්‍රබලයෝ යැයි කියපු අයගේ ජීවදත්ත වාර්තා පිළිබඳ සමාජයේ යම් කතිකාවක් ගොඩනැඟී තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් සමාජය ප්‍රශ්න කරද්දී ඒ අයම ඉල්ලා අස්වෙනවා. අපේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් පැහැදිලිව මම කියන්නේ ඒවා පරීක්ෂා කරන්න කියලයි. මට තිබෙන්නේ අධ්‍යාපනය හැදෑරුවේ නැහැ කියන චෝදනවා නොව කොපි කළා කියන චෝදනාවයි. මම විභාගේ ලිව්වේ ලංකාවේ නීති විද්‍යාලයේදීයි. මේ ගහන්නේ නාමල් රාජපක්ෂට නොවෙයි ලංකාවේ නීති විද්‍යාලයට කියන එකත් මේ අය මතක තියා ගත්තොත් හොඳයි. මුලින් මේ අය රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු කළා. දැන් නීති විද්‍යාලය කොපි කරන තැනක් බවට මතයක් ගොඩනඟන්න හදනවා” යැයි ද කීවේය.