රුපියල් කෝටිහතකට අලෙවි කිරීමට නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඉතා දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළ වෑන් රථය ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ පන්නල සහ සීදූව පදිංචි 28 සහ 33 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ගේ අධීක්ෂණ සහාය මේ වැටලීමට යොදා ගත් බව ද පොලීසිය කියයි.
ධනවත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන් මේ ගජමුතු අලෙවි කිරීමට සූදානම්ව සිට ඇති අතර, ඔවුන්ට මෙය ලැබුණු ආකාරය පිළිබඳව පොලීසිය විමර්ශන සිදු කරයි. සැකකරුවන් කටාන පොලීසියට භාරදීමට කටයුතු කර තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක, පොලිස් සැරයන්වරුන් වන (34950) සම්පත්, (409) විජේරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (84889) උදයකුමාර, (93681) ජයසේකර, (93728) ජයසිංහ, (26823) පෙරේරා, (100677) ලක්ෂිත, (10489) හිරුෂාන්, පො.කො.රි. (89631) අබේරත්න, (10574) බණ්ඩාරනායක යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.