Wednesday, April 23, 2025
Home » වංචා හා දූෂණ සොයන්න විමර්ශන කමිටුවක්
කුරුණෑගල මහ නගර සභාවේ

වංචා හා දූෂණ සොයන්න විමර්ශන කමිටුවක්

ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය

by mahesh
December 25, 2024 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල මහ නගර සභාවේ පසුගිය පාලන සමයේදී සිදුකර ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කුරුණෑගල මහ නගර සභා පාලන කාලයේදී සිදුකර ඇතැයි කියන වංචා හා දූෂණ ක්‍රියා පිළිබඳව සොයා බලා ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ‘දූෂණයට හා වංචාවට එරෙහි කුරුණෑගල හඬ සංවිධානය’ ඊයේ (24) භාර දුන් පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

එම සංවිධානයේ මහලේකම් සුසන්ත විජේසිංහ මහතා පසුගිය කාලයේදී සිදු වූ බව කියන වංචා හා දූෂණ ක්‍රියා කීපයක් පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපි ගොනු කීපයක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයාට භාර දුන්නේය. කුරුණෑගල මහ රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රෝහල ඉදිරිපිට ඉදිකර තිබූ රජයට අයත් පොදු වැසිකිළි පද්ධතිය කඩා දමා එම ස්ථානයේ තෙමහල් ගොඩනැඟිල්ලක් නීත්‍යානුකූල නොවන ආකාරයට ඉදිකර ගැනීමට අවිධිමත් ලෙස ව්‍යාපාරිකයකුට බදු දීම , කුරුණෑගල මහ නගර සභාවට අයත් දෛනිකව විශාල ආදායමක් උපයා දෙන කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ ඇති වැසිකිළි පද්ධතිය වසර ගණනාවක සිට අඛණ්ඩවම ටෙන්ඩර් පටිපාටියකින් තොරව එකම ආයතනයකට ලබාදීම , කුරුණෑගල බෝධිරාජ මාවතේ ඉදිකර තිබූ කුරුණෑගල මහ නගර සභාවට අයත් පොදු වැසිකිළි පද්ධතිය කඩා දමා එම ස්ථානය පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා ලබා දීම යන කරුණු පිළිබඳව එම ලිපි මඟින් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සුසන්ත විජේසිංහ මහතා මෙසේද පැවසීය.

මම අද මේ පැමිණිලි ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළේ කුරුණෑගල නගරයේ පුරවැසියකු සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් කමිටුවේ භාණ්ඩාගාරිකවරයා හැටියටයි. මේ සියල්ලම දේශපාලන හිතවත්කම් මත සිදු කරන ලද දූෂිත ගනුදෙනුයි. මේ දූෂිත ගනුදෙනු සඳහා වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනකුම සහාය දක්වලා තිබුණත් මෙතෙක් එම දූෂිත ක්‍රියාකාරකම්වලට එරෙහිව සාධාරණ විමර්ශනයක් සිදු වෙලා නැහැ. මේ නිසා ඔවුනුත් මේ දූෂිත ගනුදෙනුවල කොටස්කාරයන් වෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලන්කෝන් මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT