Saturday, April 19, 2025
Home » ජාතික උප්පැන්න සහතිකය උපත සනාථ කරන මූලික ලියවිල්ලක්

ජාතික උප්පැන්න සහතිකය උපත සනාථ කරන මූලික ලියවිල්ලක්

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්

by mahesh
December 25, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

ජාතික උප්පැන්න සහතිකය උපත සනාථ කරන මූලික ලියවිල්ලක් ලෙස පිළිගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියි.

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ පනවන ලද 2014 අංක 01 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ඉ- ජනගහන රෙජිස්ටර) නියෝග අනුව උපතකට අදාළ දත්ත ඉලෙක්ට්‍රොනිකව ගොනුකර ඒ තුළින් ජාතික උප්පැන්න සහතිකය රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබයි.

ඒ අනුව 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත යටතේ නිකුත් කර ඇති උප්පැන්න ලේඛනය හා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ පනවන ලද 2014 අංක 01 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ඉ- ජනගහන රෙජිස්ටර) නියෝග අනුව නිකුත් කර ඇති ජාතික උප්පැන්න සහතිකය යන ලියවිලි දෙකෙන් කුමන ලියවිල්ලක් වුවද පුද්ගලයකුගේ උපත සනාථ කරන මූලික ලියවිල්ලක් ලෙස පිළිගත යුතු බව මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT