Home » කළුතර හාල් තොග කඩයක් කඩලා

කළුතර හාල් තොග කඩයක් කඩලා

 සොරාගත් හාල් කිලෝ 1000ක් මාට්ටු

by mahesh
December 25, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

හාල් මිල ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග හාල් වෙළෙඳසලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු හාල් කිලෝ 1000ක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ගල්අස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලීසිය පවසයි.

කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වෙළෙඳසලකින් සතියක සිට සහල් සොරකම් කිරීම සිදුවන බවට ලද පැමිණිල්ලක් මත අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම සඳහා සිව්දෙනෙකු සම්බන්ධ බවටත් වෙළෙඳසලේ කාලයක පටන් සේවය කළ සේවකයකු සම්බන්ධවී ඇති බවත් පොලීසිය මගහැර සිටින සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන සිදු කරන බවත් පොලීසිය පැවසීය.

සැකකරුවන් වෙළෙඳසලේ යතුරට ගැළපෙන යතුරක් සකස් කර සොරකම සිදු කර ඇති බව ද පොලීසිය පවසයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT