Monday, April 21, 2025
Home » සබරගමුව පළාතේ ගුරු සේවයට අලුතින් උපාධිධාරින් 154ක්

සබරගමුව පළාතේ ගුරු සේවයට අලුතින් උපාධිධාරින් 154ක්

by mahesh
December 25, 2024 1:00 am 0 comment

සබරගමු පළාත සඳහා ගුරුවරුන් ලෙස උපාධිධාරින් එකසිය පනස්හතරක් (154) බඳවා ගැනීමට අදාළව පත්වීම් ලිපි ප්‍රදානය පෙරේදා (23) රත්නපුරයේදී සිදු කෙරුණි. සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරායේදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදු විය.

මෙම වර්ෂයේ (2024.04.07 දින) සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද තරග විභාගයේ සහ ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම බඳවා ගැනීම් සිදු කරනු ලැබීය.

ඒ අනුව මේ යටතේ අදියර තුනක් තුළ බඳවා ගත් උපාධිධාරින් ගණන එක්දහස් එකසිය දහහතරක් (1114) කි.

මීට අමතරව අධ්‍යාපනවේදී සහ HND (උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරින්) එකසිය පනස් පහක් (155) මෙම වර්ෂයේදී සබරගමුව පළාත් ගුරු සේවයට බඳවා ගත් බව සබරගමු පළාත් සභාව පවසයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම්, රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර දිසානායක, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් අධ්‍යාපන ලේකම් බී.ඒ.සී.බී. බමුණුආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්

නායක ශාන්ත පද්මකුමාර මහතා විසින් උපාධිධාරිනියකට ගුරු පත්වීම් ලිපිය පිරිනැමූ අවස්ථාව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT