Wednesday, April 23, 2025
Home » වටිනා ගමන් මල්ල අයිතිකරුට භාරදුන් පුද්ගලයාට ත්‍යාග

වටිනා ගමන් මල්ල අයිතිකරුට භාරදුන් පුද්ගලයාට ත්‍යාග

by mahesh
December 25, 2024 1:00 am 0 comment

දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර

මහමඟ වැටී තිබුණු රුපියල් 75,000ක මුදලක් සහ ඉතා වටිනා රාජකාරී ලියකියවිලි රැසක් ඇතුළත් ගමන් මල්ලක් අහුලාගෙන එය අයිතිකරු සොයා භාරදුන් උතුම් මනුෂ්‍යයෙකු පිළිබඳව ඉකුත්දා මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. එම සත්කාරය සිදු කළ පුද්ගලයාට උපකාරයක් වශයෙන් ගමන් මල්ල හිමිකරුවූ මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කටයුතු කරනු ලබන ග්‍රාම නිලධාරීවරයෙකු වූ සරත් ජයවර්ධන මහතා විසින් ඔහුට ත්‍යාග රැසක් පිරිනැමීමට කටයුතු කර තිබුණි.

පසුගිය දිනක යතුරුපැදියකින් මාතර බලා ගමන් කරමින් සිටියදී එම ගමන් මල්ල නැතිවී තිබුණු අතර, එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි මීපාවිට පදිංචි ඩබ්ලිව්.ජී. රුවන් සංජීව මහතා විසින් එය දැක අහුලා මහත් පරිශ්‍රමයක් දරා අයිතිකරුගේ දුරකතන අංකය සොයා ඒ පිළිබඳව දැනුම්දී එම ගමන් මල්ලේ තිබූ මුදල් හා සෙසු ලියකියවිලි ඉතා සුරක්ෂිතව භාරදී ඇත. එම සත්කාරය සිදු කළ පුද්ගලයා ඇගැයීමක් වශයෙන් මුලටියන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අජන්ත ගම්මැද්දගේ මහතාගේ සුරතින් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබුණේ මේ අයුරිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT