සැමියා ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් සිටියදී මහ රෑ ගෙට රිංගූ අනංගයෙකු ඔහු කලබලයේ දමා ගිය පරණ තුවායකින් අසල්වැසියන් විසින් හඳුනා ගැනීමේ සිද්ධියක් දකුණු කළුතර පොලිසියෙන් වාර්තා වේ.
කළුතර, කිතුලාව, මිහිකතවත්තේ පදිංචි මණ්ඩලිරාලලාගේ නිලක්ෂණා අයේෂා යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තම ස්වාමියා දින 04කට පෙර ධීවර රැකියාව සඳහා මුහුදු ගිය බවත්, තමා ඉකුත් 22 වැනිදා රාත්‍රියේ නත්තල් උත්සවය සඳහා සැරසිලි කොට දෙහැවිරිදි දියණිය සමඟ නිදාගත් බවත්, තමා දියණියගේ පැත්තට හැරී නිදා සිටින විට කිසිවෙකු හිසට උඩින් අතක් තබන බව දැනී ඇහැරී අල්ලා බලන විට ඇඟිල්ලක් හසුවූ බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අවස්ථාවේදී ඔහු “අයේෂා කෑගහන්න එපා” යැයි කී අතර තමා බියවී කෑගැසූ බවත් එවිට අසල්වැසි චම්මි නැන්දා හා දියණියන් දෙදෙනා පැමිණ තමාව ඔවුන්ගේ නිෙවසට කැඳවාගෙන ගිය බවත් ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුව රාත්‍රී 1.00ට පමණ අසල්වැසියන් සමඟ පැමිණ පරීක්ෂා කිරීමේදී ඉස්කුරුප්පු නියනක් මඟින් ජනේලයක් විවෘත කරගෙන පැමිණි අයෙකු ඉදිරි දොර විවෘත කරගෙන පිටව ගොස් තිබූ බවත් නිෙවසේ කිසිවක් සොරාගෙන ගොස් නොතිබුණු බවත් තම ඇඳ අසල වැටී තිබී හමුවූ පරණ තුවාය මඟින් අසල්වැසියන් සැකකරුව හඳුනාගත් බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර තිබේ.
ෙම් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.