Home » මුලතිව් මුහුදේ පාවුණු බෑගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය

මුලතිව් මුහුදේ පාවුණු බෑගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය

ධීවරයන්ගේ හෙළිදරව්වෙන් පොලීසිය බෑගය ගොඩගනී

by mahesh
December 25, 2024 12:30 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ බෑගයක තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් පොලීසිය විසින් පෙරේදා (23) සොයාගනු ලැබිණ. මෙම පාර්සලය ධීවරයන් දැක ඒ පිළිබඳව පොලීසියට කළ දැනුම්දීමක් මත පොලීසිය පැමිණ බෑගය ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී එම පුපුරන ද්‍රව්‍ය තොගය හමු වී තිබේ. එම පුපුරන ද්‍රව්‍ය ටින්වල අසුරා තිබූ අතර, ඒවා කෝඩෙක්ස් නමැති පුපුරන ද්‍රව්‍ය විශේෂය බවට ටින්වල කරන ලද සලකුණුවලට අනුව නිරීක්ෂණය කරගෙන තිබේ. පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම පිණිස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පැමිණ ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මුලතිව් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT