Home » කල්පිටියේදී සැකපිට ඇල්ලූ කන්ටේනරයේ අපනයනයට සැකසූ දැලි පොතු

කල්පිටියේදී සැකපිට ඇල්ලූ කන්ටේනරයේ අපනයනයට සැකසූ දැලි පොතු

පරීක්ෂණවලින් පසු භාණ්ඩ අයිතිකරුට

by mahesh
December 25, 2024 1:00 am 0 comment

කල්පිටිය සමූහ කුමාරී පද්මලතා

කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් කුරක්කන්හේන ප්‍රදේශයේදී පසුගිය 21 වැනි දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් කන්ටේනරයේ අසුරා තිබී ඇත්තේ, අපනයනයට සූදානම් කළ දැල්ලෝ මසුන්ගේ අභ්‍යන්තර කටු හෙවත් දැලි පොතු බව කල්පිටිය පොලීසිය පැවසීය.

එම භාණ්ඩවල හිමිකරු පසුගිය 22 වැනි දින පස්වරුවේ කන්ටේනරයේ යතුරු පොලීසියට ඉදිරිපත් කළ අතර, ඔහු ඉදිරියේම කන්ටේනරය විවෘත කරද්දී අපනයනය සඳහා ඇසුරුම් කළ දැලි පොතු සහිත පෙට්ටි 205ක් එහි තිබී සොයාගෙන ඇත. එම භාණ්ඩවල හිමිකරු වූ මණ්ඩලකුඩාව, කල්පිටිය පදිංචි මොහොමඩ් හනීෆා මොහොමඩ් නසීර් (49) නමැත්තකු පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, තමා දීර්ඝ කාලයක සිට මෙම දැලි පොතු අපනයනයේ යෙදී සිටින බවයි. හොංකොං රටේ මේ සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත්, ඔවුහු ප්ලාස්ටික්වලට විකල්ප වශයෙන් මෙම දැලි පොතු ආශ්‍රිතව පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. කන්ටේනරය සහ එම භාණ්ඩ අයිතිකරු වෙතට මුදා හැර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT