කාෂිම්පූර් දිස්ත්‍රික්කයේ සුසාන භූමියකින් හින්දු ආගමික පූජකවරයකුගේ අත්පා ගැට ගසන ලද මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගැනීමත් සමඟ බංග්ලාදේශයේ හින්දු ප්‍රජාව අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩකා අගනුවර සිට කිලෝමීටර් 34ක දුරින් පිහිටි කාෂිම්පූර් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකින් සොයාගත් එම මළ සිරුර ඒ ආසන්නයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊට පෙර දින රාත්‍රියේ එම කෝවිල කොල්ලකෑමකට ලක්වී ඇති අතර, ඊට සම්බන්ධ වූ පුද්ගලයන් පූජකවරයා ඝාතනය කර සුසාන භූමියට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැක පහළ කර තිබේ. බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු එරට හින්දු ප්‍රජාව ඇතුළු සුළුතර ජාතීන්ට හිංසන රැසකට මුහුණ පෑමට සිදුවීම හේතුවෙන් එරට හින්දු ප්‍රජාව අතර භීෂණයක් පැතිරී ගොස් තිබිණි.
54
කලින් පුවත
සැමියා මුහුදු ගිය අතරේ අනංගයෙක් ගෙට රිංගලා
මීලඟ පුවත