රොනල්ඩ් රොස් මැලේරියා රෝගය සම්ප්‍රේෂණය වන්නේ මදුරුවන් මඟින් බව පළමු වරට හෙළිදරව් කරනු ලැබුවේ 1897 දෙසැම්බර් 18දා ය.
“උදෑසන ආහාරය සඳහා කෙටි විරාමයක් සහිතව, උදෑසන 8 සිට සවස 3 හෝ 4 දක්වා අඛණ්ඩව පැවති වැඩ කටයුතු වඩාත් වෙහෙසකර වූ අතර ඉන් පසුව මට නොපෙනෙන තරමට මගේ ඇස් අන්ධ විය. මගේ අන්වීක්ෂය බොහෝ දුරට ගෙවී ගොස් තිබීමත්, මගේ අත්වල සහ නළලෙහි ඇති දහඩියෙන් ඉස්කුරුප්පු මල බැඳ තිබීමත්, මගේ ඉතිරිව තිබූ එකම ඇස් කණ්නාඩි කෑල්ල ඉරිතලා තිබීමත්, අත් දෙකෙන්ම අන්වීක්ෂය හැසිරවීම් නිසාත්, මා වාඩි වී සිටි මැස්සන් රංචු ඔවුන්ගේ සතුට නිසා මට පීඩා කළ නිසාත්, දුෂ්කරතාවය තවත් වැඩි විය .
ඉන්පසුව හත්වැනි ඩැපල් පියාපත් සහිත මදුරුවා සාර්ථකව විච්ඡේදනය කරන ලදී. සෑම සෛලයක්ම නිරීක්ෂණය කළ අතර, මම මදුරුවාගේ බඩට පැමිණෙන තුරු, මගේ දැඩි බලාපොරොත්තු සුන් කරවන පරිදි, කිසිවක් සොයාගත නොහැකි විය. කෙසේ වෙතත්, මම පරීක්ෂණය අත්හැරීමට සූදානම් වන විට ම ඉන්ද්‍රියයේ සාමාන්‍ය සෛල අතර ඒවායින් වෙන්කර හඳුනාගත හැකි ඉතා සියුම් වෘත්තාකාර සෛලයක් පැහැදිලිව පෙනෙන්නට විය. මෙහි අලුත් දෙයක් ඇති බව ඉවෙන් මෙන් මට දැනුණි.”
( 1902දී රොනල්ඩ් රොස්ගේ නොබෙල් ත්‍යාග දේශනයෙනි. )