Home » කංචනගෙන් උදහසට ලක්වූ 62කට ජයකොඩිගෙන් සාධාරණය

කංචනගෙන් උදහසට ලක්වූ 62කට ජයකොඩිගෙන් සාධාරණය

by chanaka
December 25, 2024 1:10 pm 0 comment

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී පසුගිය රනිල් වික්‍රමසිංහ රජය විසින් වැඩතහනමට ලක් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62දෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවීමට වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහත විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි මාසයේදි ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ අතර විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලබාදුන් උපදෙස් මත එම සේවකයින් 62කුගේ සේවය තහනම් කෙරෙණි.

පසුව වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් යළි සේවයේ පිහිටුවීමටත්, අහිමි කර තිබු වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමටත් කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT